හඳුනා නොගත් කෘමියකුගෙන් ධාන්‍ය වගාවලට හානි හඳුනා නොගත් කෘමියකු විසින් තම ගෙවතුවල වගාකර ඇති කව්පි, මුං වැනි ධාන්‍ය වර්ගවලට හානි සිදුකිරිමෙන් තමන් එම වගාවන් අතහැර දැමූ බව අනුරාධපුර, යහලේගම ගොවිහු පවසති. 5 years ago
නිවාඩු නිකේතනයක මුවාවෙන් ගණිකා මධ්‍යස්ථානයක් කළ 4 ක් රිමාන්ඩ් නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් බී.එම්. චන්ද්‍රසේකර මහතා අද (11) නියෝග කළේය. 5 years ago
පොලිස් ජීප්රිය ප්‍රපාතයට පෙරැළෙයි බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් අද (11) දහවල් කැන්දගොල්ල ගොවිපල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 5 years ago
ලක්ෂ 3 ක වෙනිවැල්ගැට තොගයක් සමඟ පුද්ගයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා වෙනිවැල් ගැට තොගයක් ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොර රහසේ ප්‍රවාහනය කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි . 5 years ago
හෙරොයින් සමඟ කතක් අල්ලයි කිරුළපන පැරණි වෙළඳ සංකීර්ණය අසල පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාමේ නිරත වන මුවාවෙන්, හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100 ක් තිසර පටය තුළ සගවා ගෙන සිටි කාන්තාවක් අද (11) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි . 5 years ago
හඳුනානොගත් රෝගයකින් මාතලේ තාක්කාලි වගා විනාශයට හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි තක්කාලි ගොවීහු පවසති. 5 years ago
කපා කොටා මරා දැමූ අයෙකුගේ සිරුරක් මහමග කපා කොටා මරා දමා තිබූ පුද්ගලයකුගේ සිරුර බෝගොඩ එගොඩවත්ත දොරවක කුඹුර ගමමැද පාරේ තිබියදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 5 years ago
ලිඳුල වතුයායක ගින්නකින් වතු නිවාස 24ක් ගිනිබත් වෙයි ලිඳුල පොලිස් වසමට අයත්, බඹරගල තේ වතුයායේ, මැද කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව ලිඳුල පොලීසිය පවසයි. 5 years ago
බලන්ගොඩ ගණිකා නිවාසයක් වටලයි බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 5 years ago
තලවකැලේ - ග්‍රේට්වෙස්ටන් මාර්ගය නායයයි තලවකැලේ සිට වංගිඔය වත්ත හරහා රදැල්ල නානුඔය දක්වා වැටී ඇති වතු මාර්ගය අද (10) අලුයම නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතැයි වතු කම්කරුවෝ කියති. 5 years ago
දැඩි සුළඟින් බලන්ගොඩ නිවාස 9 කට හානි-39ක් පීඩාවට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 9 කට හානි වී පුද්ගලයින් 39 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 5 years ago
හලාවත මුහුදේ සැකකටයුතු යාත්‍රාවක් පාවෙයි හලාවත උඩප්පුව ධීවර ගම්මානයට ඈතින් බටහිර මහ මුහුදෙහි සැකකටයුතු ලෙසින් කිසියම් යාත්‍රාවක් පාවෙමින් ඇති බවට තොරතුරු රැසක් ලද බව උඩප්පුව පොලිසිය කියයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago