සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ පුද්ගලයා රිමාන්ඩ්
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා රුපියල් 55,000 ක් කොල්ලකන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.