බෙන්තර ගඟේ වැලි ගොඩදැමු අයෙක් උපකරණ සමඟ අත්අඩංගුවට
බැකෝ උපකරණ යොදාගෙන අනවසරයෙන් බෙන්තර ගඟේ වැලි ගොඩදැමීමේ ස්ථානයක් වටලා බෝට්ටු දෙකක්,බැකෝ උපකරණ කට්ටල තුනක්,වැලි පටවමින් සිටි ටිපර් රථයක් ඇතුළු උපකරණ සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉත්තැපාන පොලීසිය කියයි.