(ලක්මි කුඩලිගම)
දෙපිරිසක් අතර අද (14) උදේ ඇතිවු ආරවුලකදී පොලුවලින් පහරදීමෙන් 25 හැවිරිදි තිදරු පියෙකු මරණයට පත්ව ඇතැයි" බදුරලිය පොලීසිය කියයි.
බදුරලිය දික්හේන, දීයපොත ප්‍රදේශයේ පදිංචි උඩුගම විදානලාගේ චන්දිම සංජීව හෙවත් කොණ්ඩයා නැමත්තා බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේදී මණයට පත්ව ඇතැයි පොලිසිය කියයි
ප්‍රදේශයේ දෙපිරිසක් අතර ආරවුලක් සිදුවන බවට උදෑසන පොලිස් හදිසි පැමිණිලි අංශයට ලද දැනුම්දිමකට අනුව බදුරලිය පොලීසියේ නිළධාරින් එම ස්ථානයට යනවිට මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි .
ගැටුමෙන් තුවල ලැබු තවත් අයෙකු බදුරලිය රෝහලේ ප්‍රථිකර ලබන අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට බදුරලිය පොලිසිය පරීක්ෂණ සිදුකරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd