IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බෙන්තර ගඟේ වැලි ගොඩදැමු අයෙක් උපකරණ සමඟ අත්අඩංගුවට

(මතුගම බන්දු තඹවිට)

බැකෝ උපකරණ යොදාගෙන අනවසරයෙන් බෙන්තර ගඟේ වැලි ගොඩදැමීමේ ස්ථානයක් වටලා බෝට්ටු දෙකක්,බැකෝ උපකරණ කට්ටල තුනක්,වැලි පටවමින් සිටි ටිපර් රථයක් ඇතුළු උපකරණ සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉත්තැපාන  පොලීසිය කියයි.

ඉත්තපාන පොලිස් වසමේ අවිත්තාව යගිරල ප්‍රදේශයේ බෙන්තර ගඟේ අනවසරයෙන් වැලි ගොඩදැමීම සිදුකරන බවට  ලැබුණ තොරතුරක්  අනුව  මෙම වැටලිම සිදු කර තිබේ.

මෙහිදී ගැඹුරු දියේ වැලි ගොඩදැමීම සඳහා යොදාගන්නා බැකෝ නමැති උපකරණ යොදාගෙන වැලි ගොඩ දැමීම සිදුකර ඇති අතර එසේ වැලි ගොඩ දැමීම සඳහා යොදාගත් බැකෝ උපකරණ 03 ක් ,බෝට්ටු 02 ක් ,සහ එසේ අනවසරයෙන් ගොඩ දැමු වැලි පටවමින් සිටි ටිපර් රථයක් ද සමග එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය එම ස්ථානයට ළඟාවන විට එහි සිටි අනෙකුත් පුද්ගලයන් පලා යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බෙන්තර ගඟේ වැලි ගොඩදැමු අයෙක් උපකරණ සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site