නවෝදාගම වැව් ඉස්මත්තේ බොරළු කැපූ 5ක් අත්අඩංගුවට
විලච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, නවෝදාගම රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස්මත්තේ නිසි අවසරයකින් තොරව මහා පරිමාණයෙන් පරිසර හානියක් සිදු කරමින් බොරලු කපා ප්රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු සමග ටිපර් රථ තුනක් හා බොරලු කැපීමට යොදා ගත් ස්කැවේටර් යන්ත්රයක් අනුරාධපුර අඩවි වන කාර්යාල නිළධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර උළුක්කුලම කඳවුරේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබිය.