(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල රෝහල් ගත කොට ඇති කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 58 දෙනෙකි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් හමුවීම, අත්තනගල්ල - 35 ක්, ගම්පහ - 31 ක්, මහර - 29 ක්, බියගම - 24 ක්, ජාඇල - 23 ක්, කැලණිය සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 22 දෙනෙකු බැගින්, වත්තල - 21 ක්, සීදූව - 17 ක්, මිනුවන්ගොඩ - 13 ක්, කටාන - 10 ක්, මීගමුව - 7 ක්, දිවුලපිටිය සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 6 දෙනෙකු බැගින් සහ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පස් දෙනෙකු වශයෙනි.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 32 දෙනෙකු පැය 24 ක් තුල හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 22 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව දෙදෙනෙකු වශයෙන් හමුව ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,089 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd