(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල රෝහල් ගත කොට ඇති කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 58 දෙනෙකි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් හමුවීම, අත්තනගල්ල - 35 ක්, ගම්පහ - 31 ක්, මහර - 29 ක්, බියගම - 24 ක්, ජාඇල - 23 ක්, කැලණිය සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 22 දෙනෙකු බැගින්, වත්තල - 21 ක්, සීදූව - 17 ක්, මිනුවන්ගොඩ - 13 ක්, කටාන - 10 ක්, මීගමුව - 7 ක්, දිවුලපිටිය සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 6 දෙනෙකු බැගින් සහ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පස් දෙනෙකු වශයෙනි.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 32 දෙනෙකු පැය 24 ක් තුල හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 22 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව දෙදෙනෙකු වශයෙන් හමුව ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,089 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168ක්