(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ කුලුපන ප්‍රදේශයේදී වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය කියයි .
තුවාල ලැබූවන් අතර වෑන් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද වන බව පොලිසිය කියයි
හොරණ සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ බණ්ඩාරගම සිට හොරණ දෙසට ගමන් ගත් වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇත
හොරණ දෙස සිට ගමන්ගත් වෑන් රථයේ පුද්ගලයන් පස් දෙනෙකු ගමන් කර ඇති අතර බන්ඩාරගම දෙස සිට ගමන් ගත් වෑන් රථයේ රියදුරු හා කාන්තාවක් පමණක් ගමන් කර ඇති බව පොලීසිය කියයි
හොරණ සිට ගමන් ගත් වෑන් රථය මාර්ගයෙන් ප්‍රති විරුද්ධ දිසාවට ගොස් ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී මෙම අනතුර වී ඇත
වෑන් රථ දෙකේ රියදුරන් දෙදෙනා එහි තුළ සිරවී සිට ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් සහ හොරණ නගර සභාවේ නිලධාරීන් විසින් බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත
රෝහල්ගත කළ පුද්ගලයන් පස්දෙනාගෙන් තිදෙනෙකුගේ පාද වලට බරපතල තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරින් 5 ක් රෝහලේ