(ජේ.කේ.එල්. චාමින්ද)
රත්ගම සිරිසුමන විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තිබු ප්ලාස්ටික් පුටු 92ක් සොරකම් කිරිම , සොරකම්කරණු ලැබු භාණ්ඩ බැහැර කිරිම හා ළග තබා ගැනිම සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු සමග කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලීසිය පවසයි.
මෙකි ප්ලාස්ටික් පුටු සොරකම් කොට ඇත්තේ රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි. සොරකම් කරණු ලැබු මෙකි භාණ්ඩ විකිණිම සදහා උදව් කිරිම සම්බන්දයෙන් කාන්තාවක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සොරකම් කළ භාණ්ඩ ළග තබා ගැනිම සම්බන්දයෙන් කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
රුපියල් 87400ක් වටිනා මෙකි පුටු සොරකම් කොට ඇති බවට පොලිසියට ඉකුත් 13 වැනිදින පැමිණිල්ලක් ලැබි තිබුණි.
පොලිසිය විසින් ඒ අනුව පරික්ෂණ පවත්වා මෙකි සොරකමට සම්බන්ද ප්‍රධාන සැකකරු හා හොරභාණ්ඩ බැහැර කිරිම හා ළග තබා ගැනිම සම්බන්දයෙන් මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබිය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හා කාරියන් රත්ගම, දේවිනිගොඩ, ගම්මැද්දගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. සොරකම් කරණු ලැබු ප්ලාස්ටික් පුටු 59ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරුවන් හා සැකකාරියන් අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd