IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මල් කඩන්න ගිය දෙදරු පියාගේ සිරුර ගංදූව වෙරළේ

(සුනිල් ධර්මබන්දු ද සිල්වා) 

ගමේ විහාරස්ථානයට සුපුරුදු පරිදි මල් කඩා ගෙන ඒමට යන බව පවසා හිමිදිරි උදයේ නිවසින් බැහැරව ගිය අයෙකුගේ සිරුර වැලිගම, ගංදූව වෙරළට ගොඩ ගසා තිබියදී හමු වූ බව වැලිගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වැලිගම පොලිස් වසමේ පැළෑන ප්‍රදේශයේ පදිංචිව සිටී 57 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සංචාරක හෝටලයක අයිතිකරුවෙකි. 

ඔහු සෑම දිනකම පාහේ ගමේ විහාරස්ථානයට මල් කඩා ගෙන ඒම සිරිතක් වශයෙන් කර ගෙන ගොස් ඇත.

ඉකුත් ජූලි 12 දින උදේ 5.45ට පමණ පන්සලට මල් කැඩීමට යන බව පවසා ඔහු යතුරුපැදියෙන් නිවසෙන් බැහැරව ගොස් ඇත.

එදින සිට අද වන තෙක් ඔහු අතුරුදහන් ව සිට ඇති අතර ඔහුගේ සිරුර වැලිගම ගංදූව වෙරළට ගොඩ ගසා තිබියදී හමු වී ඇත.

 



අදහස් (0)

මල් කඩන්න ගිය දෙදරු පියාගේ සිරුර ගංදූව වෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site