IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිධන් හාරමින් සිටි පිරිසක් පලා යති

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල පොලිස් වසමේ  විතාරන්දෙනිය ගල් කන්ද පුරාණ විහාර භූමියේ නිධන් හාරමින් සිටි පිරිසක් එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමඟ පලා ගොස් ඇතැයි තංගල්ල පොලීසිය පවසයි.

පලා ගිය පිරිස අතර චීවර ධාරියෙකුද සිටින බව පොලීසිය කියයි.

ගල්කන්ද පුරාණ විහාර භූමියේ සැක කටයුතු ලෙස පිරිසක් සැරිසරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව පොලීසිය අද  (17)  ගල්කන්ද පුරාණ විහාරයට ගොස් තිබේ.ඒ සමඟම නිදන් හැරීම සදහා ගෙනවිත්  තිබූ උපකරණද දමා පිරිස පලා ගොස් තිබේ.

පලා ගිය පිරිස පැමිණි බවට සැක කෙරෙන වෑන් රථයක්, සමඟ ගල් විදින යන්ත්‍රයක් වයර් තොගයක් ,අලවංගුවක් සමඟ තවත් උපකරණ රැසක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පලා ගිය පිරිස පිළිබඳ තොරතුරු පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලීසිය සෝදිසි මෙහෙයුම් ආරම්භකර තිබේ.



අදහස් (0)

නිධන් හාරමින් සිටි පිරිසක් පලා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site