වාකරෙයි වෛද්‍යශාලා ගොඩනැගිල්ලේ නිදන් හැරූ 5 අල්ලයි මඩකලපුව-වාකරෙයි ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි හා කොවිල් පූජක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාකරෙයි පොලිසිය පවසයි. 06 August 2018
ජීව අත්බෝම්බයක් සොයා ගනී වීරකැටිය පොලිස් වසමේ වෑකදවල ප්‍රජා ජල ව්‍යාපෘතියකට අයත් ළිඳක තිබී ජීව අත්බෝම්යක් හමු වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 06 August 2018
වෑන්-ලොරි අනතුරකින් දෙදෙනෙක් මරුට යාපනය - නුවර ඒ නවය මාර්ගයේ පලෙයි , අයියකච්චි ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගය පසෙක නවතා තිබූ විදුලි කණු පැටවූ ලොරි රථයක ගැටී අද (6) අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පලෙයි පොලිසිය කියයි. 06 August 2018
බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයා ගැසට් නිවේදනයක් මගින් අත්පත් කර ගැනීමට එරෙහිව එම වතු සමාගමේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ. 06 August 2018
උතුරේ ගව ඝාතනය නවතන ලෙස ඉල්ලා විරෝධතාවක් යාපනය දිස්ත්‍රීක්කය ඇතුළු උතුරු පළාතේ සිදු කෙරෙන ගව ඝාතනයන් වහාම නවතන ලෙසට ඉල්ලා යාපනය මරදනා මඩම් ප්‍රදේශයේදී විරෝධතාවක් පැවත්විණි. 06 August 2018
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි. 06 August 2018
යතුරුපැදියක් බස් රථයක හැපී අයෙක් මරුට මාතර තංගල්ල මහා මාර්ගයේ දික්වැල්ල පොල්ගහමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. 06 August 2018
දියේ ගිලී 15 හැවිරිදි ළමයෙක් මරුට මාමඩල තුනේ කණුව අසල නාන තොටුපළක නාමින් සිටි ළමයින් දෙදෙනකුගෙන් එක් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි. 06 August 2018
ලොරි අනතුරි වවුනියාව නව ගම්මානයට විදුලිය ඇණ හිටී යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව නවගම්මානය ප්‍රදේශයේ දී ලොරි රථයක් අද (6) අලූයම අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් වවුනියාව ඊරට්ටපෙරියකුලම හා නවගම්මානය ප්‍රදේශ වෙත විදුලි සැපයුම ඇණහිට තිබේ. 06 August 2018
රට යවනවැයි පවසා මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට රට රැකියාවක් ලබාදන බව පවසමින් දන්කොටුව ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණයකුගෙන් රුපියල් එක්ලක්ෂ හැත්තාපන් දහසක් ගෙන අතුරුදන්ව සිටි කාන්තාවක්ව අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 06 August 2018
ලූල්කඳුරේ මැණික් ගැරූ දෙදෙනෙක් කොටු වෙති ලංකාවේ ප්‍රථම තේ වගාව පිහිටි ලූල්කඳුර වත්තේ රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද දින (5) සවස ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 05 August 2018
යතුරු පැදිය ලංගම බසයේ හැපී නාවික සෙබළා මරුට මීගහතැන්න කොක්කුඹුර ප්‍රදේශයේ අද සවස 5.30 පමණ සිදුවූ රිය අනතුරකින් නාවික හමුදා සෙබළකු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. 05 August 2018
වෙඩි වැදුණු අලියකුගේ සිරුරක් පරාක්‍රම සමුද්‍රය ඉහත්තෑවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉහත්තෑවේ පිහිටි කැලෑවේ රොටමුල්ල ප්‍රදේශයේ දී වෙඩි වැදී මියගිය සද්ධන්තයෙකුගේ මළ සිරුරක් අද (05) දහවල් හමුවූ බව වනජීවී නිලධාරීහු කියති. 05 August 2018
මොරගහකන්දෙන් ඉඩම් අහිමිවූවන්ට සාධාරණයක් නෑ - නාමල් කරුණාරත්න මොරගහකන්ද ජලාශයට ඉඩම් දේෙපාළ ලබාදුන් වෙනත් ප්‍රදේශවල පදිංචි කළ ජනතාවට මෙතෙක් සාධාරණය ඉටු කර නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියයි 05 August 2018
කොටුව දුම්රිය ස්ථානයේ ඩිජිටල් කාලසටහනේ ලෙඩක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන් දැක්වෙන ඩිජිටල් තිරයේ තාක්ෂණික දෝෂයක් නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටිතැයි මගීහු මැසිවිලි නගති. 05 August 2018
සෝමාවතීයේ වැව්වලට වස මුසුකර සතුන් දඩයම් කරති දඩයම්කරුවන් විසින් සෝමාවතීය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ්‍ර කරමින් වන සතුන් දඩයම් කිරිම නිසා එහි ජිවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතින බව පොලොන්නරුව වනජිවි අඩවි ආරක්ෂක සහ සෝමාවතීය උද්‍යාන භාරකරු කේ ඒ උපාලි කුමාරසිංහ මහතා පැවසීය. 05 August 2018
රිලාගලයාය කඳුයාය විනාශ කිරිමට එරෙහිව විරෝධතාවයක් බෙලිඅත්ත ගැටමාන්න රිලාගලයාය කඳුයාය විනාශ කිරීමට විරෝධය පාමින් රිලාගලයාය සුරැකීමේ සංවිධානය අද (5) බෙලිඅත්ත නගරයේ දී විරෝධතාවයක් පැවැත්වුහ. 05 August 2018
ගෘහස්ත ප්රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ට බලපාන බව සොයාගනී ගෘහස්ත ප්රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ගේ කළලයට බලපාන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. 05 August 2018
තල්ගස්වැව රක්ෂිතයේ මුවදෙනකට වෙඩි අයෙක් අත්අඩංගුවට වෙඩි තබා ඝාතනය කළ මුව දෙනකු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා පවසයි. 05 August 2018
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දනයෙන් පීඑච්අයිලා ඉවත් වෙති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන පුත්තලම දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා දූමායන කටයුතු සිදු නොකිරීම නිසා කිසියම් දරුවෙකු ඩෙංගු මදුරු 05 August 2018
සෝදිසි මෙහෙයුමකින් එප්පාවලින් 12 දෙනෙක් අත්අඩංගුවට එප්පාවල පොලිසිය මගින් අද (5) අළුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ මෝටර් රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනෙකු සහ වෙනත් චෝදනාවන් මත පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය කියයි. 05 August 2018
ඇත්දළ යුගළක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ව්‍යාපාරිකයකු වෙත රුපියල් ලක්ෂ හතළිහක මුදලකට විකිණීමට සුදානම් කර තිබූ ඇත්දළ යුගළක් සමඟ පුද්ගලයින් දෙදෙනකු වවුනියාව කනගරායන්කුලම, බණ්ඩාරවන්නියන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 05 August 2018
නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට හපුතලේ බෙරගල ප්‍රදේශයේ සිට ඌවපරණගම ලූණුවත්ත ප්‍රදේශයට ලොරි රථයකින් හොර රහසේ එළ ගවයින් ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (4) දා එළගවයින් තිදෙනෙකු හා ලොරි රථයක් සමග හපුතලේ විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි හපුතලේ පොලීසිය පවසයි. 04 August 2018
කාන්තාවක ප්‍රපාතයකින් වැටී මරුට මඩොල්සිම වැරැල්ලපතන ප්‍රදේශයේ ප්රපාතයක් අසල දර කැඩීමට ගිය කාන්තාවක් අද (4) හවස අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි මඩොල්සිම පොලීසිය පවසයි. 04 August 2018
ජනාධිපතිට පෙර පොහොට්ටු මන්ත්‍රීවරු කන්තලේ නගර ශාලව විවෘත කරති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 10වැනිදා විවෘත කිරීමට නියමිතව තිබූ කන්තලේ නගර ශාලව අද (03) කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විවෘත කළහ. 03 August 2018
මහ දවල් ගෙයක් කොල්ල කන්න හදලා - දබරයෙන් 4කට තුවාල ඉමදූව දික්කුඹුර ප්‍රදේශයේ නිවසක් කොල්ලාකෑමට අද( 3) දවල් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ නිවැසියන් අතර ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ කොල්ලාකරුවෙකු සහ එම නිවසේ පදිංචිකරු , ඔහුගේ පුතෙකු සහ දුවෙකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතැයි ඉමදුව පොලිසිය පවසයි. 03 August 2018
ධීවරයන්ගේ පහරදීම් වලින් ධීවර පරික්ෂක කාර්යාලයට හානි මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවත්වන ලෙස ඉල්ලා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදුණු ධීවරයින් එහි දේපල වලට දැඩි අලාභ හානි සිදු කළ මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ දේශපාලන බලාධිකාරිය නිසා දැයි ධීවර පරික්ෂක කාර්යාල නිලධරයෝ කියති. 03 August 2018
වෙළඳසැළකට පහර දුන් විදේශීය ජාතිකයා අත්අඩංගුවට වැලිමඩ රේන්දපොල හග්ගල ප්‍රදේශයේදී අද (3) දහවල් පුද්ගලයන් දෙදෙනෙකුට හා වෙළඳසැළකට පහරදී අලාභ හානි සිදු කළ බවට සැකපිට විදේශීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 03 August 2018
බදුල්ල ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් පිරිස සොයා විමර්ශනයක් බදුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහරදී පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකු සොයා එම දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අද (3) විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතයි බදුල්ල පොලීසිය පවසයි. 03 August 2018
විදුලි සැර වැදී අයෙක් මරුට වැලිමඩ දික්කාපිටිය කොස්කාණුවෙල ප්‍රදේශයේ පුද්ගලයකු අද (3) උදෑසන විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 03 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026