(දියතලාව - ඩී.කේ.රත්න)
හපුතලේ බෙරගල ප්‍රදේශයේ සිට ඌවපරණගම ලූණුවත්ත ප්‍රදේශයට ලොරි රථයකින් හොර රහසේ එළ ගවයින් ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (4) දා එළගවයින් තිදෙනෙකු හා ලොරි රථයක් සමග හපුතලේ විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි හපුතලේ පොලීසිය පවසයි.
හපුතලේ කැල්බර්න් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා ඌවපරණගම ලූණුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු එළගවයින් තිදෙනෙකු හා ලොරි රථයක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
නාදුනන පුද්ගලයින් තිදෙනෙකු හොර රහසේ එළ ගවයින් ප්‍රවාහනය කරන බවට හපුතලේ පොලීසියට ලැබණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හපුතලේ පොලීසිය විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරන අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට