සිතුම් චතුරංග
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ පලෙයි , අයියකච්චි ප‍්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගය පසෙක නවතා තිබූ විදුලි කණු පැටවූ ලොරි රථයක ගැටී අද (6) අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පලෙයි පොලිසිය කියයි.
හබරණ සිට යාපනය දක්වා විදුලි කණු රැගෙන ගිය ලොරි රථයක් මාර්ගය පසෙක නවතා තිබියදී එයට පිටුපසින් පැමිණි වෑන් රථය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපනය පේදුරුතුඩුව පදිංචි ලූවිස් ඇන්ටනී නැමති රියදුරු හා සුදාකරන් ප‍්‍රසාන්තනී (41) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය.
මියගිය දෙදෙනා සහ තුවාල ලැබූවන් එකම පවුලේ ඥාතීන් වේ.
අනතුරින් ඉදිරිපස අසුනේ ගමන්ගත් කාන්තාව හා රියදුරු කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද කීය.
වෑන් රථයේ සිටි සෙසු තුවාලකරුවන් පලෙයි , කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුලත් කර සිටිති.
මියගිය පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය කිලිනොච්චිය හා යාපනය රෝහල්වල සිදුකිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන්-ලොරි අනතුරකින් දෙදෙනෙක් මරුට