ඩබ් ඒ පියතිලක
දඩයම්කරුවන් විසින් සෝමාවතීය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ‍්‍ර කරමින් වන සතුන් දඩයම් කිරිම නිසා එහි ජිවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතින බව පොලොන්නරුව වනජිවි අඩවි ආරක්ෂක සහ සෝමාවතීය උද්‍යාන භාරකරු කේ ඒ උපාලි කුමාරසිංහ මහතා පැවසීය.
මේවන විට වැව් ආශි‍්‍රතව ජිවත්වන මුවන්, ගෝනුන්, ඉබ්බන්, කිඹුලන් උද්‍යානයේ තැන් තැන්වල වැටි මියගොස් සිටියදී ප‍්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් අනුව අද (5) එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් සෝමාවතී ජාතික උද්‍යානයේ වන සතුන් විවිධ ක‍්‍රම උපයෝගී කරගනිමින් රාත්‍රී කාලයේ සතුන් දඩයම් කරන බවයි.
මෙසේ වස මුසුකර දඩයම් කරන ලද සතුන්ගේ මස් පොලොන්නරුව හිඟුරක්ගොඩ මැදිරිගිරිය සහ ප‍්‍රදේශයෙන් පිට පිහිටි සංචාරක හොටල් වෙත මෙම මස් දඩයම්කරුවන් විසින් අලෙවි කරන බවයි.
වස මුසු වනසතුන්ගේ දඩමස් අනුභව කිරිමෙන් වැළකී සිටින ලෙසත් එවැනි මස් අනුභව කිරිමෙන් තම ජිවිතය පවා අහිමි විය හැකි බවයි.
අත් අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය තලාකොළවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම ප්‍රදේශයේ සිටින මාගේ හිතවතෙකුගෙන් ලැබුණු තොරතුරු අනුව මෙය කිසියම් පිරිසක් විසින් දිය බීමට පැමිණෙන ගවයන් මැරීමට කල දෙයක් බවත් එම මියගිය ගවයන් මස් කර කොළඹට ප්‍රවාහනය කරන බවත්ය.