(ඩී.කේ.රත්න)
වැලිමඩ රේන්දපොල හග්ගල ප‍්‍රදේශයේදී අද (3) දහවල් පුද්ගලයන් දෙදෙනෙකුට හා වෙළඳසැළකට පහරදී අලාභ හානි සිදු කළ බවට සැකපිට විදේශීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
ඊජිප්තු ජාතික 35 හැවිරිදි පුද්ගලයකු මෙම පහරදීම හා අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ හග්ගල නැරඹීමට ගොස් මෙම වෙළඳසැලට පැමිණ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී වෙළඳසැළේ වීදුරු බි ඳ රුපියල් 7000/- පමණ වටිනා රෙදිපිළිවලට හානි කර ඇති බවට වැලිමඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුව ගනු ලැබූ සැකකරු වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊජිප්තුවේ මේක කළා නම් අවුරුදු 20 කට හිරේ.