සිතුම් චතුරංග
යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව නවගම්මානය ප‍්‍රදේශයේ දී ලොරි රථයක් අද (6) අලූයම අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් වවුනියාව ඊරට්ටපෙරියකුලම හා නවගම්මානය ප‍්‍රදේශ වෙත විදුලි සැපයුම ඇණහිට තිබේ.
කඩුගන්නාව සිට යාපනය දක්වා දැන්වීම් පුවරු රැගෙන ගමන් කරමින් සිටි ලොරි රථයක් විදුලි කණුවේ ගැටී මෙලෙස අනතුරට පත්ව ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
අනතුරත් සමඟ ඊරට්ටපෙරියකුලම හා නවගම්මානය ප්‍රදේශයට පැය හයකට අධික කාලයක් විදුලිය විසන්ධි කර තිබූ බවද කියයි.
ලොරි රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අධි බලැති විදුලි රැහැන් සහිත කණුවට දැඩි අලාභ හානි සිදුව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොරි අනතුරි වවුනියාව නව ගම්මානයට විදුලිය ඇණ හිටී