රොමේෂ් මධුෂංඛ
උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ස්ථීර ගුරු පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
අදාළ ස්ථීර ගුරු පත්වීම් 884 න් උතුරු පළාතම ආවරණය වන පරිදි පළමු පියවර වශයෙන් ස්ථීර ගුරු පත්වීම් 194 ක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයට ස්ථීර ගුරු පත්වීම් 534ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ගුරු පත්වීම් 71ක්ද, මුලතිව් දිස්ත්‍රීක්කයට පත්වීම් 73ක්ද, මන්නාරම් දිස්ත්‍රීක්කයට පත්වීම් 126ක්ද, වව්නියාව දිස්ත්‍රීක්කයට පත්වීම් 80 ක්ද ප්‍රධානය කිරීමට නියමිතව ඇත.
පසුගිය දිනයන්හි වසරකට ආසන්න කාලයක් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සිදු කරන ලද විරෝධතාවන්ට විසඳුමක් වශයෙන් මෙසේ ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇත.
ගුරු පත්වීම් ලබා දීමේ උත්සව අවස්ථාවට තවද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා සහ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාසා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම්