
(රෝහණ චන්ද්‍රදාස)
"ලංකාදීප" හොරොව්පතාන මාධ්‍යවේදී පැතුම් දර්ශන මහතා අද (16) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
පැතුම් දර්ශන මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ සහන නිවේදක ලෙස ද කටයුතු කළේය. 2019 වසරේ දී පැවැත් වූ රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේ දී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස ද සම්මාන ලැබීය.
ඔහුගේ අවසන් කටයුතු හොරොව්පතාන පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පැවසූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd