කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ හිටපු සිංහල ආචාර්යවරියක වූ  ඥානා බස්නායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 

ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු සඳහා මූලික වී කටයුතු කළ බස්නායක මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානුක  කරුණාරත්න මහතාගේ නැන්දණියයි.

දේහය අද(2) දහවල් 1 සිට කෑගල්ල, පොල්ගහවෙල පාරේ මොරගොල්ල “කේතුමතී” නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(3)  සවස 4ට පොල්ගහවෙල අදාහනාගාරයේදී  සිදු කෙරෙයි.