
වසර 53 ක , කාලයක් ,ගුරුදෙනියේ විදානේ ලෙස කටයුතු කරමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තියා සැරසීමේ කටයුතු භාරව සිටි , ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ මහතා (අවු. 70) අභාවප්‍රාප්ත විය.
මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ,එහි උපසභාපති ධූරය වසර 10 ක් ,හොබවා ඇති ඇහැලමල්පේ මහතා ,මහනුවර ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු මෙන්ම ,විවිධ සමිතිවල නිලතල දරමින් ,බෞද්ධ ,සංස්කෘතික ,ආගමික කටයුතු වල ප්‍රමුඛයෙක් ලෙස කටයුතු කළේය.
දෙදරු පියකු වන ඇහැලමල්පේ මහතාගේ දේහය මහනුවර ගුරුදෙනිය ,හාරගම , ශ්‍රී සුමන මාවතේ නිවසේ තැන්පත් කර ඇත.අවසන් කටයුතු 04 වන දින සවස 4 00 ට , අම්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරෙයි.
ජේ ඒ එල් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd