(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන භාෂා පරිවර්තකයෙකුවූ (ඉංග්‍රීසි - සිංහල) ජයසිංහ ආරච්චිගේ සුදත් ප්‍රියංකර පෙරේරා මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 61 වැනි වියේ පසුවිය.

සම්පත් සහ අඩු පහසුකම් සහිත පාසල්වල දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ එම විෂය දැනුම ඉහළ මට්ටමකට ගෙන ඒමට මහත් උනන්දුවෙන් කටයුතු කර අැති හෙතෙම අනතුරුව ගුරු සේවයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවයට එක්විය.

ආදරණීය බිරිඳ ,දියණියක සහ පුතුන් දෙදෙනෙකුගේ පියාණන් වන ප්‍රියංකර පෙරේරා මහතා ප්‍රකට සමාජ සේවකයෙක්ද විය.

පෙරේරා මහතාගේ දේහය තලංගම චන්ද්‍රා පනාගොඩ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (30) ප.ව.3.00 තලංගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.