රංජිත් කරුණාවීර
මහියංගන පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ අද (25) අලුයම 4.00 සිට මහියංගන පොලිසිය හා යුදහමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමේදි නිවසක් පිටුපස යුදහමුදා නිළ ඇදුමක් පුළුස්සමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා බලපත්‍ර රහිතව වෙඩි බෙහෙත් නූල් ළඟ තබාගත් පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.
නිවසේ සගවාගෙන සිටි හමුදා නිළඇදුම, පරික්ෂාවේදී හසුවේ යැයි බියෙන් අසුවීමට පෙර පිළිස්සීමට උත්සාහ කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
එම නිළඇදුම යම් හෝ සාපරාදී ක්‍රියාවක් සිදු කිරිම සදහා භාවිතා කළැයි යන්න පිළිබඳ පොලිස් විමර්ශන සිදුකරයි.
අඩක් පිළිස්සුණු හමුදා නිල ඇදුම සැකකරුවන් දෙදෙනෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත් විය. බලපත්‍ර රහිතව වෙඩිබෙහෙත් නූල් නිවසේ තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු එම විශේෂ මෙහෙයුමේදී පොලිස් අත්අඩංගුවට ගැණිනි.
මෙම මෙහෙයුමට පොලිස් නිලධාරින් 76ක් ද, හමුදා නිළධාරින් 83ක් සහභාගී වී ඇත. අත් අඩංගුවට ගත් තිදෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු මහත්තයෝ... විල්පත්තුවේ අලුතින් පදිංචි කර ගෙවල් ටික පරික්ෂා කරන්න. රටවල් 4..5 මිනිස්සු හොයා ගන්න පුළුවන්...
කෝ මේ අලුත් පරපුර ................බෝම්බ වලට බයේ ගෙවල් වල බංකර වලට ගිහින් ද ?
සගවපු ආයුද පෙන්නන එක්කන් යන්න තියෙන්නේ