රොමේෂ් මධුෂංඛ
පුනරුත්තාපනය වී දේශපාලනයට පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හිටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්‍රලිංගම්ට ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානය වෙත හෙට (19) පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
මේ පිළිබඳව කනේශලිංගම්ගෙන් විමසූ විට තමන්ට වව්නියාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ හෙට දින කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානයේ දෙවැනි මහලේ දී පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි.
නමුත් තමන්ට එසේ පෙනී සිටීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් තමන් නොදන්නා බවත් හෙට දිනයේ දී තමන් ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානයේ පෙනී සිටීමට පියවර ගෙන ඇති බව කනේශලිංගම් චන්ද්‍රලිංගම් වැඩිදුරටත් කීය.
යුද්ධයෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් යුද හමුදාව බාරයේ පුනරුත්තාපනය වී නිවෙස් වෙතට ගිය හිටපු කොටි සාමාජිකයින් විසින් දේශපාලනයට පිවිසීමට නව පක්ෂයක් පිහිටුවාගෙන ඇති අතර එය සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂය වශයෙන් නම් කර එහි නායකත්වය දරන්නේ කනේශලිංගම් චන්ද්‍රලිංගම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් නිර්දෝෂිනම් අහන ප්‍රශ්නයකට කෙලින්ම උත්තරදීමේ කිසිම අවදානමක් නැහැ. ප්‍රජාතාන්ත්‍රික විදියට දේශපාලනය කලහාම කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ.
මෙම නව පක්ෂය LTTE සංවිදානයේ අරමුණු ඉටුකරගැනීම සදහා නීත්‍යානුකූල මංපාදා ගැනීමක්දෝ යැයි මට හැඟෙ...
ඝෝටාභය මහතානනී ඔබලා වැන්නවුන් තව දෙන්නෙක් මෙරටට හිටියානම් වටිනාකම කියා නිමකළ නොහැකී. නමුත් මෙ රටේ ජනතාව ඔබගේ වටිනාකම නොහඳුනයි.