(ෂේන් සෙනෙවිරත්න)

කටුගස්තොට මාර්ගයේ පවතින අධික වාහන තදබදයට පිළියම් වශයෙන් ඉදිකිරීමට නියමිත බිංගයේ කැණීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06)  ආරම්භ වීමට නියමිතය.

යටත් විජිත යුගයේදී ඉදිකරන ලද මහයියාව ඉපැරණි බිංගය එම කාලයේදී වාහන ගමනාගමනය සඳහා ප්‍රමාණවත් වුවද කටුගස්තොට මාර්ගය මන්තීරු හතරක් යටතේ ඉකුත් රජය සමයේදී සංවර්ධනය වුවද මහයාව බිංගය මංතිරු දෙකකට පමණක් සීමා වීම හේතුවෙන් එම ස්ථානයේ නිරන්තරයෙන් දැඩි වාහන තදබදයක් පවතී

ඊට පිළියම් වශයෙන් මෙම නව බිංගය රුපියල් මිලියන 699.9 ක වියදමෙන් ඉදිකිරීමට නියමිත අතර එහි වැඩ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු  සූදානම් කර ඇත.