
(සුජිත් හේවාජුලිගේ)
හැකර්වරුන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ විසිපහක මුදල අත්පත් කරගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදී නොමග යැවීමේ "ෆිෂින්ග් ඇටෑක්" ක්‍රමවේදයට බව පරිගණක විශේෂඥයෝ පවසති.
හැකරුන් කණ්ඩායමක් විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් වරින් වර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික ලෙස අත්පත් කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී තොරතුරු හෙළි වී යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
නැවත එම මුදල් ගැනීම තාක්ෂණික අභියෝග මැද කළ යුතු කටයුත්තක් බව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමණුපොළ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd