(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපන, අධ්‍යාපන පරිපාලන ආදී සාමාන්‍ය අධ්‍යාපනයේ සියලුම වෘත්තීය කාණ්ඩ ආවරණය වන පරිදි එම වෘත්තිකයන්ගේ ප්‍රමිතිකරණය, ලියාපදිංචිය/බලපත්‍රකරණය, තත්ත්ව සහතික කිරීම සහ ප්‍රමිතනය යන කාර්යයන් සඳහා ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
ඒ පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.ඩී.ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ තිබේ.
එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති 2025-10-03 දිනැති වාර්තාව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවන ලද අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
එහිදී ලද අනුමැතිය මත එකී වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමෙන් පසු සකස් කරනු ලැබ ඇති සමාලෝචන වාර්තාව ද එම අනු කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd