(නිමල කොඩිතුවක්කු)
ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරුණු සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය පිළිගනිමින් ඔහුට සහාය දීමට එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින් අද (27) ඒකමතිකව තීරණය කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ හමුවකදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මෙම තීරණය ගනු ලැබීය.
‘හංසයා’ ලකුණින් ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාද මෙම හමුවට සහභාගි වි සිටියහ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙයට අමතරව ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් සිවිල් සංවිධධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ලබන සතියේ සිට ඒ අයගේ දේශපාලන කටයුතු ආරම්භ කිරිමට නියමිත බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් කලේ දහම් ගැටයක්...
එහෙම නැතුව වෙන කාට සහය දෙන්නද? අනික් ඔක්කොම කුජීත වුණු කට්ටිය, නැතිනම් හැරමිටියෙන් යන කට්ටිය.
ඒ කියන්නේ මේ අවුරුදු පනස් දෙකක් වයස සජිත් කියන තරුණ නායකයාටද?
අලියා ලකුණෙන් එජාපයෙන් ඉල්ලුවේ නැතිනම් සජිත් මහත්තයෝ ඕක දිනුවත් ඔබතුමාට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඔබට කිසිදවසක ඔය හංසයාගේ පක්ෂයෙන් ආවට ඉදිරි දේශපාලන අනාගතයක් ලැබෙන්නේ නැහැ. රනිල් මහත්තයා පක්ෂ නායකකම තමන් අතේම තියාගන්න තමයි ඔබතුමාව මේ හරියට හය, හතර නොදන්නා පොඩි එකෙක් රවටනවා වගේ අලියා නොදී හංසයෙක් දීලා රවටන්න හදන්නේ. දිනුවත් ඔබට සිද්ධ වෙන්නේ ඒ උදවියට යටවෙලා ඒ අයගේ ෆෙඩරල් කොන්ත්‍රාත්තුවලට කර ගහලා නමත් කැත කරගන්න. ඒ හින්දා දැන් පටන් ගන්න අලියා ලකුණ සඳහා සටනත්....
ඒ වුණාට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධුරය දරන එක්සත් වාමාංශික පෙරමුණ ජවිපෙ අපේක්ෂකයාට සහාය දෙන්න යනවලු නේද? ඒ ගොල්ලෝ කියලා තියෙන්නේ දෙවෙනි මනාපය කැමතිනම් සජිත්ට දෙන්න කියලයි. එක පැත්තකින් සිංහල බෞද්ධ අඬහැරය පාන ගමන් ගෝඨාභය මහත්තයා මුස්ලිම් කණ්ඩායම්වල උදව් ඉල්ලන්නත් පටන් අරගෙන වගෙයි පෙනෙන්නේ. ඒ මහත්තයාගේ නඩු කතාකරන අලි සබ්රි මහත්තයා තමයි ඒවා කළමනාකරණය කරනවා වගේ පෙනෙන්නේ... ඊළඟට අනිවාර්යයෙන්ම දෙමළ කණ්ඩායම් එක්කත් කතා බහ පටන් ගනීවි... නැතුව කොහොමද දිනන්නේ?
චන්දිම බක පණ්ඩිතයෙක් වගේ...
සහරාන්ලගේ කට්ටිය, මහ බැංකු හොරු ටික, ආර්තිකේ වලපල්ලටම දාපු කට්ටිය, බාල බෙහෙත් අහිංසක මිනිස්සුන්ට පොවපු කට්ටිය, මහ බැංකු හොරකම නෑ කියල පොත් ලියපු කට්ටිය තව කොච්චරනම් ඉන්නවද ?
රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් ජයවේවා...!!!
ඔබලා සංධානයක් හදාගත්තා නම් සහයෝගය දියයුතුයි. ඕක අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි.
අද ඉන්න හැම කට්ටියටම ඔය වගේ නම්බු නාම තියනවා. ඒවා නැති කෙනෙක් තමයි හොයාගන්න ඕනේ..
වෙන දේ මෙන්න... රනිල් ඇතුඵ කණ්ඩායම මෙයා පරද්දන්න වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී අගමැතිකම ගන්න රනිල් කටයුතු කරනවා. දැන් එතකොට සජිත් ජීවිත කාලයේදීම දේශපාලනිකව ගෙදර..! නැතත් ගෝඨා දිනුවත්, මෙයා දිනුවත් රනිල් ඇතුලු පිරිස විධායක ක්‍රමය අහෝසි කරන්න යෝජනාව ගේනවා. වැරදිලා හරි ගෝඨා පැරදුණොත් පොහොට්ටු අයත් ඊට පක්ෂව ඡන්දෙ දෙනවා. එතකොටත් සජිත්ට බඩුම තමයි.
මේ කවුරුවත් වැඩකරන පන්තිය ගැන මොනවද කියන්නේ? මෑන්පවර් සේවකයන් සම්බන්ධව මොකුත් කියන්නේ නැහැ. අද රටේ තරුණ පරම්පරාව මෑන්පවර් සේවකයන් විදිහට හම්පුතා ගාවට දක්කන්න තමයි ඔක්කොම රටේ කම්කරු නීති වෙනස් කරගෙන යන්නේ. එමනිසා තරුණ පරම්පරාව ඡන්දය දෙන්න කලින් දෙපාරක් හිතන්න.
සජිත්ගේ ජය නියතයි ... !!!
නායකයන් තීරණය කළාට මහ ජනතාව අතෙහි තමයි බලය තියෙන්නේ..
සියයට 62 ක් ගත්තු චන්දිකා මැතිණියගේ ඒ වාර්තාව පහසුවන් බිඳහෙලා මෙවර සජිත් ප්‍රේමදාස මැතිතුමා 2020 සියට 70 ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ගන්නා එක සිකුරුයි... !!!
225 ම ගෙදර යවන්න. බෝම්බයක් ගහලා නැතිකරලා දාන්න කියාගෙන මෙතන ඝෝෂා පවත්වපු කට්ටිය දැන් ලස්සනට දෙකට බෙදිලා සජිත් සහ ගෝඨා වෙනුවෙන් යන කඩේ යාම දැක්කම අං දෙකක් වගේ සතුටක් ඔලුවෙන් මතුවෙන්න වගේ ආවා මචං.. අනේ ඉතින් අපේ සිංහලයන් කියා ගන්න ඈයෝලු මේ හොඳේ.. සුළු ජාතික පක්ෂ නෙලා ගන්නේ මේ අස්වැන්න තමයි.. රාමුවෙන් පිටට එන්න..