
(රෝෂන් තුෂාර)
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (11) නියෝග කළේය
සැකකරුවන් එදින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කිරීමට ද නියෝග කෙරිණි.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව එසෙ නියෝග කළේය.
පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස තුනකට පමණ පෙර යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත්, සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පහර කෑමට ලක් වූ ත්‍රී රෝද රථ රියදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd