
(අංජුල මහික වීරරත්න)
මත් ව්‍යසනය රටින් අතුගා දමා මිස ආපසු හැරෙන්නේ නැතැයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නුවරඑළියේදී අද (11)පැවසීය.
මේ වසර නීතිය ඉදිරියේ සැවොම සමානයි යන වාක්‍යයට පණ දෙන වසර බවට පත් කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන අමතමිනි.
නුවරඑළිය නගරයේදී මෙම වැඩසටහන පැවැත්විණි.
විෂ මත්ද්‍රව්‍යවලට අදාල වැටලීම් වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 දෙනකු ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
පළමුවෙන් අප නොසෙල්වෙන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි.යුද්ධය නිසා ආර්ථිකය බිඳ වැටුනා යැයි වසර තිහක් තිස්සේ කතා කළා.ඒත් අපේ ආර්ථිකය කඩා වැටුනේ යුද්ධයත් ඉවර වී වසර දොළහකට පමණ පසුවයි.එසේ නම් ඇත්ත හේතුව යුද්ධයමද?
ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් අප හැදිය යුතුව තිබෙනවා.කිසිදු තත්ත්වයක් හමුවේ නොසෙල්වෙන ආර්ථිකයක් හැදීම සඳහා අප වැඩ කරමින් සිටිනවා.
දිට්වා කුණාටුව හමුවේ ආර්ථිකය පස්සට යනවා වෙනුවට ශක්තිමත්ව ඉදිරියට යාම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා.
අපේ රට ශක්තිමත් විදෙස් ප්රතිපත්තියකට අවතීර්ණ විය යුතුයි.අපට තිබෙන්නේ ගැටුම් සහිත ලෝකයක්.අප කිසිදු පාර්ශවයකට අනුගත නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
ඒ වගේම අප කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැදිය යුතුව තිබෙනවා.රාජ්‍ය සේවය ආකර්ෂණීය කළ යුතුව තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd