(රවී ලියනගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
ගාල්ල අක්මීමන, හියාරේ ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනු ලබන නිවසකට කිසියම් පිරිසක් ටයර් දමා ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.
ගින්නෙන් මුළු නිවස විනාශවී ඇති අතර සංගීත භාණ්ඩවල පමණක් වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වෙන බව රියල් බැක් සංගීත කණ්ඩායම පවසයි.
නිවස කුලී පදනම මත ලබාගෙන සංගීත කණ්ඩායම එහි පුහුණුවීම් ආදී කටයුතු කර ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේ කිසිවකු එහි රැදී සිට නොමැති අතර අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටපිටාවේ පදිංචිකරුවන්ට වදයක් වෙන්න ඇති. මේ ප්‍රශ්නය අපේ ගමේත් තියෙනවා. අධික ශබ්ද නගමින් පුහුණු වෙනවා. හරිම කරදරයක්...
රෑට නිදාගන්න නැහැ... මිනිස්සු අධික ශබ්දයක් ඇතුව සංගීත වාදනය කරනවා. උදේ 4 වෙනකොට හාමුදුරුවෝ පිරිති දමනවා. ලවුඩ්ස්පීකරයෙන් ගමටම ඇහෙන්න... මේක මහ වදයක්...
ශබ්ද දූෂණය නිසා ඇතිවන පීඩා සහ සෞඛ්ය ගැටළු ගැන මීට වඩා පාසල්වලින් දරුවන්ට උගන්වන්න ඕනෑ. ඒ වගේම පිරිවෙන්වලත්. ලවුඩ්ස්පීකර් - බෆල් වලින් සිදු කරන මහජන පීඩාව යාබද නිවැසියන්ට , ආයතන වලට හරිම හිරිහැරයක්..