අංජුල මහික වීරරත්න
නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිව්රුම් දීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍ය දිව්රුම් දීම අද (18) සිදු කිරිමට කලින් සැලසුම් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රජයට එක්වීමට නියමිත මන්ත්‍රී සංයුතිය දෙස බලා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ යුතුව ඇතැයි මහා ලේකම්වරයා සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙක් නව රජයට සහය පළ කිරිමට පැමිණ සිටින අතර තවත් මන්ත්‍රීවරුන් රැසක් රජයට එක්වීම සඳහා සාකච්ඡෘ කරමින් සිටින බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
කෙසේ වෙතත් දුෂණ චෝදනා නැති අය පමණක් සම්බන්ධ කරගෙන අමාත්‍ය මණ්ඩලය සැකසීම පිළිබඳව පුර්ණ අවධානය යොමු වී තිබෙන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් සල්ලි වලට නොවෙයිද? අනික් පැත්තට යන කොට විතරයි ද සල්ලි කතා එන්නෙ.
රටම අකැමැති මිනිස්සුනම් ගන්න එපා. ගිය සැරේ ආණ්ඩුව වැටෙන්න ඒක හේතුවක්.
හිනා යනවා කාටද දුෂණ වංචා නැත්තේ කළුනික හොයනවා වගේ වැඩක්
එන අයට ලැජ්ජත් නැහැ ගන්න අයට ලැජ්ජත් නැහැ. මේ අයව පාර්ලිමේන්තු යවන අයට ලැජ්ජත් නැහැ.
පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රතිපත්තියක් නැති ආගම දහමට බයනැති රටේ බාලම පිරිස ඉන්න තැනට. මේවට නීති නැද්ද
දුෂණ වංචා චෝදනා නැති අයගෙන් සමන්විත ඇමති මණ්ඩලයක්ද හදන්න යන්නේ ඇමතිතුමෝ? එතකොට ඔය පැත්තේ ඉන්න කට්ටියගෙනුත් කවුරුත් නැතුව යනවනේ. ආයෙත් අලුත් අගමැති කෙනෙක් හොයන්නත් වෙයි නේද?
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා, ගන්න අයත් වැරදි, පනින වදුරොත් වැරදි, මේ ක්‍රමය වෙනසක් වෙනවානම් එකත් අපේ රටට යහපතක්.