(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් අද (3) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
තම පක්ෂය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එකගතාවයක් අද ඇති වුවහොත් හෙට සිටම රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරට එක්වන බවත් අමරවීර මහතා කීවේය.
තමන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඳලා සමාව අරන් එකතුවන්නද? දුකයි
පාස්පෝට් හා අයිඩින්ටිය චෙක් කරන්නද?
මේ දවස්වල ගෙම්බන් හරි හරියට වැඩ. ලංකාවට තද වැසිනේ...?
ලෙඩ ගෝදාවක් තියෙන බව පෙනෙන කෙනෙක් ජනාධිපති කරලා රටක් ගොඩගන්න පුළුවන් වෙයිද? පවුල හිරේ යන එකෙන් බේරාගන්න පුළුවන් වෙයිද? රටේ දොස්තරලා එයා දිනවන්න වර්ජනය කරනවා. එයා බෙහෙත් ගන්න පිටරට යනවා. අඩුම වශයෙන් ඇමෙරිකානුවන් වන එයාගේ බිරිඳටවත්, දරුවන්ටවත් එයාට ඡන්දය දෙන්න බැහැ නේද?
ශ්‍රී ලංකන් කාරයින්ට කියන්න ජනාධිපති එක්කළ එජාප කුස්සියට යන්න කියලා. එනවා මෙතන මුක්කු ගහන්න. ළංකර ගන්න එපෝ... ගෝඨා ඔබට ජය නියතයි. ඔය ගොල්ලන්ට යන එන මං නැතිවෙලා කෝ ලොක්කා පව්... ටික දවසයි.
මෙම සාකච්ඡාවේ අරමුණ දෙපාර්ශ්වය "පොදු ලකුණක් යටතේ සන්ධානගත වීම" බවයි කියන්නේ. ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාකවත් " පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්වන කෙනෙකුට " සහාය නොදෙන බවයි. නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් ද තැන්පත් කර ඇති බැවින් ගෝඨා හිටපු මන්ත්‍රීවරයෙකු හෝ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හෝ නොවන බැවින් ඔහු "වෙනත් පක්ෂයකින්" ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධා තිබෙන බව කියයි. මේඅතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔක්තෝබර් 09 වනදා සිට 12 වනදා දක්වා සිංගප්පූරුව බලා යන නිසා ඔක්තෝබර් 09 වනදා අනුරාධපුරයේදී පැවැත්වෙන තම මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළියටත් සහභාගී නොවන බවයි පෙනෙන්නේ. මේ ගැටළු ඉදිරියේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස චමල් රාජපක්ෂ මහතා ද ස්ථිරවම නාමයෝජනා භාරදිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවත් ආරංචි වෙනවා.