(යොහාන් භාසුර)
තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර රුපියල් ලක්ෂ 19ක මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසයි.
අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචි මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බවත් අදාල පුද්ගලයා මෙරව පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්‍ෂයකින් නාමයෝජනා භාරදී ඇති පුද්ගලයෙක් බවත් එම කාර්යංශය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු හම්බන්තොට දිසා මහේත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවත් දැනට ලාඕසයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ලංකාවට ගෙන්වන ලෙස අධිකරණය සැකකරුට නියෝග කළ බවත් විදේශ සේවා කාර්යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාඔ්ස් වලට මොකට ගියාද අපිට නොගැලපෙන දුප්පත් රටක්