(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කර ඇති බවට පවසමින් නව සිංහලේ ජාතික සංවිධානය, මහා සම්මතවාදි ජාතික පෙරමුණ, දුෂණ විරෝධී බළකාය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුහ.
මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් ශ්‍රී පාදස්ථානයේ නම ‘‘ශිව කොලි පද මලෙයි’’ යනුවෙන් වෙනස් කර ඇති බවත් එම නම සහිත පුවරුවක් ශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කර ඇති බවටත් පවසමින් පිරිස විරෝධතාවයේ නිරතවූහ.
‘‘බෞද්ධ නායකයෙකු සිටින මේ රටේ ශාසනික උරුමයන් අනතුරේ’’, ‘‘ප්‍රාදේශීය සභාවේ අත්තනෝමතික තීරණය අහෝසි කරනු’’, ‘‘බුදුන් වැඩිය ශ්‍රී පාදස්තානය බෞද්ධයන්ට අහිමි වෙයිද’’, ‘‘ලෝක උරුම ශ්‍රී පාදය සභාවකට ඇයි වික්කේ’’ යනාදි වැකි සහ බැනර් ඇතිව පිරිස විරෝධතාවයේ නිරත විය.
පිරිස පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වී සිටි අතර ඔවුන් එහිදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙසට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
එහිදී පොලිස් නිලධාරින් මැදිහත් වී විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදුන් අතර සාකචඡාවෙන් පසුව අදහස් දැක්වූ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා මෙසේ ද කීය.
‘‘බුදුන් වැඩිය ශ්‍රී පාදස්ථානයේ නම ‘‘ ශිව කොලි පද මලෙයි’’ යනුවෙන් වෙනස් කිරිමට මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පිරිසක් හදිස්සියෙම පියවර ගෙන තියෙනවා. දැන් එම නම ඇතුළත් පුවරුවකුත් සවි කරලා තියෙනවා.
මෙම නාම සහ පුවරුව ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් නියෝගයක් ලබා දිලා තියෙනවා. මේ වනතෙක් එම තීරණය පිළිගෙන නාම සහ පුවරුව ඉවත් කරන්න මස්කෙළිය ප්‍රාදේශීය සභාව පියවර ගෙන නැහැ. ඒ නිසා තමයි අද අපි බුද්ධශාසන අමාතයාංශය ඉදිරිපිටට ඇවිත් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.
අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර වහාම එම පුවරුව සහ නම ඉවත් කරන බවට අපිට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා පොරොන්දුවක් දුන්නා. ශ්‍රී පාදස්තානයට අමතරව තවත් බෞද්ධ සිද්ධස්ථාන රාශියක මෙවැනි දේ සිදුවනවා. ඒ ගැන විෂය බාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරොරා මහතා සමඟ සාකච්ඡා කරන්නත් අපි ඉදිරි දිනයක් වෙන් කරගත්තා.
ශ්‍රී පාස්ථානයේ ඇති මෙම නම සහ පුවරුව ඉවත් කිරිමට කටයුතු නොකළහොත් අපි ඉදිරියේ දී දැඩි ක්‍රියමාර්ග ගැනීමටත් කටයුතු කරනවා’’
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල අය ඉල්ලන් ප්‍රශ්න දාගන්නේ. අවුරුදු 30-40 නෑ චන්ද අයිතිය ලැබිල.බලය ලැබුණු ගමන් ගහන්නේ සිංහලයාගේ ඉතිහාසෙට !! දැන් කියයි අපි ජාතිවාදී කියල
ඔන්න පළාත් සභාවලට බලය ලැබුණොත් වෙනදේ බලා ගනිව් සිංහලයනි. වැඩිකල් නොගොස් රටමැද දෙමළ පළාතක් ඇතිවී සිංහලයා නැවත රටේ තුන්වෙනි පුරවැසියන් වෙනවා. කාටද ආඩම්බර? අර 62ක් අම්බරුවන්ට මාර ජොලිඇති නේද?
නම තිබුණාම ඇති අනිත් ඒවා බල්ලට ගියත් කමක් නැහැ. කෝ එහි තිබ්බ පැරණි ගාන්ඨාරය ඒවා සොයන්න ඔතන කුණු පිරිලා ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය පිරිසිදු කරන්න එක් කෙනෙක් වත් නැහැ. මේ පුවරුවක් සවි කළා කියලා මැරෙන්න හදනවා. ඔයතරම් ආදරේ නම් රැක ගන්න සුද්ද කරන්නත් එන්න තිබ්බනේ... ඒවාට මරා ගන්න එන්න ඉන්නවා
නම තිබුනම ඇති අනිත් ඒවා වැඩක් නැහැ සුද්ද කරන්න එක් කෙනෙක්වත් නැහැ මේ පුවරුවක් සවි කරා කියලා මැරෙන්න හදනවා ඔය තරම් ආදරේ නම් රැක ගන්න සුද්ද කරන්නත් එන්න තිබ්බනේ ඒවාට නැහැ
ඉස්සරවෙලා නම සිංහලට මාරු කරගන්න. පස්සේ යන්න මස් කෙළියට... එතන උද්ඝෝෂනේ තියන්න. ඒ ගමන්ම තියෙන කුණු ටිකත් ඇදලා දාන්න... හැබැයි කස්ටිය මදි වගේනේ... බමුණා අන්කල් ඉන්නවා. කෝල් කරලා බලන්න.
මේ ජයාගේ ජාතකේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. හොඳ නැද්ද?
මේ අයට අමු කැවිලද මන්දා. දෙමළෙන් කියන්නේ ඔය නම නේන්නම් එදා ඉඳලම. 2013 මම ගත්ත පින්තූරයකුත් තියෙනවා කන්ද පාමුල තියෙන නාම පුවරුවේ.
ඔය රූප රාමුවේ ඉන්න සමහර අයගේ නම් සිංහල නෙවෙයි.
ශිව නොලි පාද මලෙයි කියන එකේ තේරුම "සිව දෙවියන්ගේ ශ්‍රීපාදය"
බුදුන්වහන්සේ කවමදාවත් ලංකාවට පැමිණියේ නැහැ කියලයි මම නම් හිතන්නේ. මෙහිදී දේශනා කරපු සුත්‍ර මොනවද? ඒ ඇරත් ඔය වගේ කන්දක් උඩ උන්වහන්සේ පාද සටහනක් තබාවිද? මොකටද? බුදුන්වහන්සේ කියන්නේ සර්ව බලධාරී දෙවියෙක් නොවෙයි, තවත් මනුෂ්‍යයෙක්. මේ මෝඩ මිනිස්සු එලොව මෙලොව දෙකටම කිසිම පලක් නැති දේකට මරා ගන්න හදනවා!
අා....!!! ඔය කට්ටියම දිගන සිද්ධියට සම්බන්ධ බව ඔප්පු වුණා නම්....
එක්කෙනෙක් කතා කරන්නේ නැහැ සිරිපාදයට ගෙනෙන කුණු ගැන.
කොසොල් රජතුමා දැකපු සිහින ඉටු වෙනවා වගේ...
සාධාරණයි.. ඒත් බොරදියේ මාළු බාන අයට ඉඩක් නොදෙමු.. ඒ අය හදන්නෙ මේ වගේ දේවල් ප්‍රයෝජනයට අරන් වෙන වෙන ගේම් ගහන එක.
අපට කන්ට බොන්ට ජීවත්වෙන්ට විදිහක් නෑ. අප මෙවන් ප්‍රශ්න ඇති වූ වහාම දේශප්‍රේමය, ජාති ආලය, ඉස්සරහට දාගන්නවා. ශාසනාරක්ෂක වෙස් ගන්නවා. පොඩි ෆේස්බුක් සංගමේකුත් හදාගන්නවා. ඒකට නම තියන්නෙ බලන අයගේ දෑස් පැලිලා කඳුළු එන තරම් ජාතිකත්වය ගෑවෙන එකක්. ඉන්පසු එවන් ස්ථාන වලට ගොසින් යම් යම් දෑ කරනවා. ඉන්පසු ෆොටෝ ෆේස්බුක් දාලා , රටරටවල ඉන්න රටට ආදරේ අය දුක් මහන්සියෙන් උපයන විදෙස් විනිමය අපේ බැංකු ගිණුම්වලට දාගන්නවා. ෆේස්බුක් හදපු මනුස්සයට පින් දෙන්නත් අපි අමතක කරන්නෙ නෑ. අපේ වැඩවලට ලංකාවේත් ඉන්න අවංක බොහෝ පිරිසක් අහුවෙනවා.. ඉන්න ඕකයි අපේ තත්වය.. ඇත්තටම අපි අවස්ථාවාදීන්ටත් වඩා බඩගෝස්තරවාදීන්. හැබෑ හැඟීමෙන් අවංකවම මේ වගේ දේවල් වෙනුවෙන් කථා කරන්න, මැදිහත්වෙන්න නිසි පිළිගත් ක්‍රමයකට අනුව ප්‍රශ්න විසඳන්න හැකි මිනිසුන්, වියතුන් උගතුන් ඉදිරිපත් නොවෙනතාක් ඉතින් අපේ කල්ලමරේ තමා...