නිමල කොඩිතුවක්කු
මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුවත් බලයට පත් වන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ බහුතරය සහිත කණ්ඩායමක් බැවින් උද්ගතව පවතින අර්බුදය විසදීම සඳහා වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි බලතල අනුව ජනවාරි මස 09 වනදායින් පසු ඕනෑම දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බැවින් දේශපාලන අස්ථාවරභාවය නැති කිරීමට ගත හැකි හොඳම සහ ආසන්නම පියවර ලෙස එය ක්‍රියාත්මක කරන්නැයිද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ වැඩිදුරටත් ඉල්ලති.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, සමස්ථ ලංකා මහජන කොන්ග්රසය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී පක්ෂය යන පක්ෂ විසින් මෙම ඉල්ලීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා ආණ්ඩුවක් බලය ලබාගෙන මී හරක් පන්නන්න ඕනෑ...
හ්ම්... මෙක දැන් මාර වැඩක්නේ නඩුවේ තීන්දුවත් මෙයාල තදින්ම කිව්වා.. දැන් ජනතාවගේ මතයත් කලින්ම කියනවා. එ් කියන්නේ උසාවියයි, මැතිවරණ කොමිසමයිත් එක්ක මෙයාලා සාකච්ඡා කරලා තීන්දුව අරන් රිසල්ට් එක හදලා ඉවරද..? ඕක වෙන්ටැති මන් හිතන්නේ මෙයාලා ඉල්ලන සුපිරි ප්රජාතන්ත්රවාදය... නඩුවේ තීන්දුව අනුව 3;2 /4:3 හෝ 5:4... තීන්දුව ලැබුණොත් මෙයාලා සුපිරි ප්රජාතන්ත්රවාදයක්, සුපිරි අධිකරණයක් නිර්මාණය කර අැති බව ජනතාව විසින් තේරුම්ගත යුතු සත්‍යයයි. අපිට මොකක් හරි කමක් නැහැ ඡන්දයක් දීපල්ලා...
ඇයි අලි පැටව් ටික බයයිද? ඊට කලින් මහ මැතිවරණයකට යන්න. දැන්ද මතක් වුණේ මැතිවරණය තියන්න? ඔය උනන්දුව කලින් තිබුණා නම් මේ ප්රශ්නය ඔච්චර උඩු දුවන්නේ නැහැනේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) සහ 43(3) අනුව ජනාධිපතිතුමාට සතු බලතල පාවිච්චි කළහොත්, අග්‍රාමාත්‍යවරයා කවුරුන් උවත්, අමාත්‍ය මණ්ඩලය ඉතා සුළු පිරිසකට (3ක් හෝ 4 කට උවත්) සීමා කිරීමටත් . අතවශ්‍ය අමාත්‍ය සියල්ලම උවත් තමා වෙත පවර ගැනීමට නීත්‍යානුකූලව හැකි බව පෙනේ.
යන විදියට නම් ලෝකයා ඉදිරියේ තවදුරටත් හෑල්ලු නොවී කරන්න.. තියන එක විකල්පයක් තමයි ජනාධිපති මැතිවරණය...
මහ මැතිවරණයක් තිබුණොත් ගොඩක් අය ගෙදර... ජනතාවට ගොඩක් අය එපා වෙලා ඉන්නේ..
කොයි මැතිවරණේ තිබුණත්.... කරපු දෙයක් නැහැ වසර 03ට. ජනතාව මේ ඔක්කොම බලාගෙන ඉන්නේ...
වසර තුනකින් වත් බැරි වුණා ජනතාවට සේවයක් කරන්න. ආයෙ ආවත් ඔය ටිකමයි වෙන්නේ... ජනතාව පිළිගන්නේ නැහැ.
එ්කයි මේ එහෙනම් ඔයා අගමැති, මම ජනාධිපති කිව්වේ නේ..?
ගොඩක් අය මැතිවරණයක් තිබුණොත් ගෙදර යවන්න ජනතාව ජනතාව සූදානම්...
ප්රශ්නය තිබෙන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධව.. එම නිසා කළයුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි.