
(අංජුල මහික වීරරත්න)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2025 වසරේ එදා මෙදා තුර වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
2013 වසරේ ගුවන් තොටුපොළ ආරම්භ කිරීමෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව මෙය වන අතර, එම සංඛ්‍යාව 140614ක් බව ගුවන් සේවා සමාගම කියයි.
2025 වසරේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී ඇත. පසුගිය වසර තුන පුරා ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, නව රජය පත්වීමෙන් අනතුරුව මත්තල ගුවන් තොටුපළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙය වීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව විශ්වාසය පළ කරමින් 2025 වසරේ යුරෝපය, මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් ගුවන් සමාගම් කිහිපයක් මත්තල දක්වා ගුවන් වාර ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව රුසියාවේ Red Wings, බහරේන් සහ පාකිස්ථානයේ සිට SkyUp, ඩුබායි සිට Fly One, උස්බෙකිස්තානයේ සිට Centrum Air සහ Uzbekistan Airways, බල්ගේරියාවේ සිට Bulgaria Air යන ගුවන් සමාගම් මත්තල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම බෙලරූස්හි මින්ස්ක් නගරාය් සිට Belavia ගුවන් සේවයද 2025 වසරේදී ප්‍රථම වරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයක් බව ගුවන් සේවා සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ අයහපත් කාලගුණය නිසා ගොඩ බාපු ගුවන් යානා වෙන්න ඇති
ජයවේවා.. මේ වගේ සුදු අලි ව්‍යාපෘති වලින් ලාභ ලැබෙන්න හැකිවේවා.