( ඩී.ජී.සුගතපාල)

වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු රාජකාරි නිවාඩු ලබා ගෝණපිනුවල පිහිටි නිවසට යමින් සිටියදි  ඊයේ රාත්‍රි හික්කඩුව ප්‍රදේශයේදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදි ඔහුගේ යතුරුපැදියද කොල්ලකා පලාගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ගෝනපිනුවල ආරච්චිකන්ද පදිංචි වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකි.

ඔහු රාජකාරි විවේකය වාර්තාකර යතතුරු පැදියෙන් නිවසට එමින් සිටියදි හික්කඩුව නලාගස්දෙණිය ප්‍රෙද්ශයේ ඖෂධ වෙළද සලක් අසලදි  ඊයේ (04) රාත්‍රි  පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදි යතුරු පැදියද පැහැර ගෙන ගොස් ඇත.

තුවාලකරු පළමුව ආරච්චිකන්ද රෝහලට ඇතුලත්කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට මාරුකර ඇත.