
(යොහාන් භාසුර)
මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය නතර කළ පසුගිය වසරේ (2025) මැයි මස 16 වැනිදා දිනයේ සිට මෙම වසරේ මාර්තු මස දක්වා ලියාපදිංචි කළ වාහනවල අංක තහඩු ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට තව දුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.
මෙම තත්වය යටතේ 2025 වසරේ මැයි මස 16 වැනිදා වාහනයක් ලියාපදිංචි කළ වාහනහිමියකු වසරකුත් මාස තුනක කාලයකක් ගතවී තිබුණ ද තවමත් අංක තහඩුව ලැබී නොමැති අතර අදාල වාහන හිමියා අවම වශයෙන් ඒ සඳහා රුපියල් 2,000 කට අධික මුදලක් ගෙවා තිබේ.
වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව නව සැපයුම්කරුවෙක් යටතේ පසුගිය ජූනි මස 8 වැනිදා වාහන අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ අවස්ථාවේදී පැවසුවේ වාහන අංක තහඩු ගැටලුව අවසන් බවත් ගොඩගැසී ඇති අංක තහඩු ලක්ෂ ගණනක ප්‍රමාණය හැකිඉක්මණින් මුද්‍රණය කර අවසන් කරන බවයි.
ප්‍රවාහන අමාත්‍යංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මස 10 වැනිදා සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ අංක තහඩු මුද්‍රණයට ගිවිසුම්ගත වුවද එම දිනට පෙර ගොඩගැසී තිබූ අංක තහඩු මුද්‍රණය කිරීම එම ගිවිසුමට ඇතුළත් කර නොමැති අතර ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදුනුවත්ව ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වාහන අංක තහඩු ගැටලුව අවසන් යැයි ප්‍රකාශ කළේය.
මෙම අංක තහඩු ලක්ෂ 5 ක පමණ සංඛ්‍යාව වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමියන්ගෙන් රුපියල් කෝටි 100 කට අධික මුදලක් ලබාගෙන ඇති අතර එවැනි විශාල මුදලක් රාජ්‍ය ආයතනයක් ලබාගෙන අංක තහඩුව නැමැති සේවාව නොලැබීම වඩාත් කණගාටුදායක තත්වයකි.
එම වාහනවල අංක තහඩු නොමැතිවීමෙන් ජනතාව දැඩි පහසුතාවට පත්ව සිටින අතර වාහනහිමියන් වාහනයේ සවිකර ධාවනයේ යෙදෙන අංක තහඩු ප්‍රමිතියෙන් තොරයැයි පවසමින් පොලිසිය දඩගැසීමෙන් ජනතාව තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති අතර අංක තහඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දඩනොලියන ලෙස පොලිසිය දැනුවත්කර නොමැතිවීම හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් අංක තහඩු ප්‍රමිතියට නැතැයි නිරන්තරයෙන් දඩ පත්‍රිකා ලියන්නේ යැයි ජනතාව චෝදනා කරති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව ඊ කළ විමසුමකදී පැවසුවේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට මෙම වසරේ මාර්තු මස 10 වැනදා එළඹි නව ගිවිසුමෙන් ගිවිසුම්ගතවූ දින සිට ඉදිරියට ලියාපදිංචි කරන වාහන අංක තහඩු පමණක් මුද්‍රණය කරන බවත් ඊට පෙර මුද්‍රණය නොකළ අංක තහඩු පිළිබඳව එම ගිවිසුමේ සඳහන්ව නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් වැටුප් ලබන මේ අමාත්‍යවරයා ඇතුළු සියලුම නිලධාරීන්ගේ සාමාන්‍ය බුද්ධිය (common sense) අඩුකම මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතු වී ඇත. මහජනයා වෙනුවෙන් කලයුතු මූලික කාර්යන් පවා ඉටුකිරීමට අසමත්වෙමින් සිටියි.