සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ජනප්‍රිය කිරීමට තමන් හවුල් නොවන බව, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පවසා ඇත. ෂාරුක් ඛාන් පමණක් නොව, අජේ දෙව්ගන්, ටයිගර් ෂෙරොෆ් ද පවසා ඇත්තේ සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ජනප්‍රිය කිරීමට තමන් දායකත්වය ලබා නොදෙන බවය.

ෂාරුක් ඛාන්, අජේ දෙව්ගන් සහ ටයිගර් ෂෙරොෆ්, මෙසේ පවසා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය කළ ඉල්ලීමකට කන් දෙමිනි.

ඒ, සුප්‍රකට ‘විමල්’ සන්නාමය යටතේ නිෂ්පාදනය වන ආකාර සෞඛ්‍යයට අහිතකර යැයි ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමගය. ‘විමල්’ සන්නාමය යටතේ නිෂ්පාදනය වන ආහාර ජනප්‍රිය කිරීම ෂාරුක් ඛාන්, අජේ දෙව්ගන් සහ ටයිගර් ෂෙරොත්‍් විසින් සිදු කරනු ලැබ තිබුණි.