
(ටී.කේ.ජී.කපිල )
ඕමානයේ සැගවී සිටි , සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන , කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් මෝදර චතූ නොහොත් සමිට්පුර චතූ නැමති අය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් , ඕමානයේ දී අත් අඩංගුවට ගෙන ,අද අලුයම දිවයිනට රැගෙන ආවේය.
කොළඹ - 15 , මෝදර , සමිට්පුර ප්‍රදේශයේ පදිංචි , 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා , 2025.03.22 දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙර්ටින් ඕමානය වෙත පළා ගොස් තිබේ .
ගනේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවකු ද වන මොහු , මීට අමතරව මෙරට තුළ සිදු කළ අපරාධ රැසක විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd