(ආරියරත්න රණබාහු සහ ප්‍රින්ස් රත්නායක)
රාජ්‍ය සේවයට සාපේක්ෂව විශ්ව විද්‍යාල සේවක වැටුප්වල පවතින විෂමතාවය ඉවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පියවර ගැනීම මත විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව හෙට (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලිය තවකාලිකව අත්හිට වූ බව එම එකමුතුව පවසයි.
එහෙත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වන අතර අදාල විසඳුම ලබන සදුදා 7 වැනිදා වනවිට ලැබුණහොත් වර්ජනය අවසන් කරන බව එම එකමුතුවේ උප සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වැටුප් විෂමතාවය පදනම් කරමින් දින 23 ක් තිස්සේ සිදු කරමින් තිබෙන තම වෘත්තිය සමිති එකමුතුවේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතා සුබදායි විසඳුමක් පළකළ බවය.
ඇමතිවරයා වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වන කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති අතර එය ජාතික වැටුප් කොමිසන් සභාව වෙත යොමුකර ඇති බවද ඔහු කීය.
එම විසඳුම පිළිබඳව තම වෘත්තිය සමිති එකමුතුවට අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ බවද එම කරුණු වෘත්තිය සමිති එකමුතුව පිළිගත් බවද සභාපතිවරයා කීය.
ඒ අනුව හෙට (03) වැනිදා සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග කිරීමට ගෙන තිබූ තීරණය තීව්‍ර කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බව කී සභාපතිවරයා ලබන සදුදා පූර්ණ විසඳුමක් ලැබුණහොත් වැඩවර්ජනය ද අවසන් කරන බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්ටේජ් සේවය අන්තිමයි. මම විශ්වවිද්‍යාල 4ක වැඩ කරලා තියෙනවා.
පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ගාණනක් අරගෙනද කොහෙද? මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වට්ටන්න හදන්නේ. ඔක්කොම පන්නලා දමන්න කොන්දක් තියෙන පාලකයෙක් අපිට නැතිද? හැමෝම ඡන්දය දේවි...
"වර්ජනයේ යෙදෙන දුම්රිය සේවකයන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද (02) තීරණය කර තිබේ." මෙන්න අනිත් අයත් බයවෙලා ... නියමයි.
මගේ අත්දැකීම අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉන්නේ ගොඩක් පින්පඩි කාරයන් සහ ඇමතිගේ ලිස්ට් එකේ ඉඳන් ආව කට්ටිය. වේතනය අතින් ගොඩක් වැටුපක් ගන්න වඩා අඩු නිකම්ම වගේ ඉන්න සෙට් එකක් හොඳ වෙලාව මේ නරකාදියෙන් මෙහාට ආවේ.. අපිට කෙසේවෙතන් අපේ ළමයින් ගොඩ...
රැකියා විරහිත උපධිදාරීන් ඕනෑතරම් ඉන්නවා.