(අප්සරා යෝසිත් විජේසූරිය)
විශ‍්‍රාම ගත්තාට පසු මම තීරණය කළේ වරප‍්‍රසාද ලබාගන්න නෙවෙයි,වසර 71 ක් මේ ජනතාව පීඩා විඳින ක‍්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි,විශ‍්‍රාම ගියාට පසුව නොයෙක් තනතුරු සඳහා පක්‍ෂවලින් මට ආරාධනා ලැබුණා, යැයි ජනපති අපේක්‍ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (02) රත්නපුරේ දී පැවසීය.
රත්නපුර මහ සමන් දේවාලයේ විශේෂ දේව පූජාවක් සඳහා සහභාගිවීමෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.
රත්නපුර ප‍්‍රදේශයේ ව්‍යාපාරික හා විද්වත් පිරිසක් විසින් සංවිධානය මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා මෙසේද පැවසීය.
‘‘ඒ ඒ දේශපාලන පක්‍ෂවල ආධාරකරුවෙකු වරප‍්‍රසාද ලබාගැනීමට වඩා කළයුතු දේ ලෙස මා තීරණය කළේ මේ රටේ කියවන දැනෙන හැඟෙන දුක්විඳින ජනතාව සමඟ එක්වන කටයුතු කිරීමටත් ඉතාමත් පසුවෙන් නිල්පාට හෝ වෙනත් පාටක් හිමි පක්‍ෂවල ආරක්‍ෂක ඇමතිවෙන්න නැතිනම් අමාත්‍යංශ ලේකම්කම හරි ගන්න මට හැකියාව තිබුණා.
වසර තිස් හතක් මා හමුදා සේවය කළා. වසර දෙකක් හමුදාපති. මට කියන්න පුළුවන්ද මගේ දරුවන්ට මේ රට අනාරක්‍ෂිතයි ඕස්ට්‍රේලියාවට යන්න රට ඉදිරියට යන පාටක් නෑ කියා මට කියන්න. මේ අනිත් හැමෝටමත් තත්ත්වය එසේමයි. ඇති හැකි අය එසේ පිටරට වලට ගියා. නැති අය බැන බැන ඉන්නවා.
රටේ විවිධාකාර කර්මාන්ත මගින් ආදායම් උපයන ජනතාවක් සිටිනවා. ඒ ඒ අයගේ ප‍්‍රශ්නවලට සුදුසු නියාමන ක‍්‍රම විවිධයි. හරියට ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වගේ.
අපේ ප‍්‍රතිපත්ති මාලාව දැන් සකස් කරලා තියෙනවා. හත්වැනිදා අපි කාර්යාලයක් බත්තරමුල්ලේදී විවෘත කරනවා. අද මේ හමුවදී මා කියන්නේ ඔබ ඔබට හමුවන විවිධ පිරිස අතරට ගෙයින් ගෙයට ගමින් ගමට මේ පණිවිඩය ගෙනයන්න‘‘ යැයි ඔහු එහිදී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිශාඩ් බදියුදීන් ත්‍රස්තවාදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ බලපෑම් කෙරුවා කියලා මාධ්‍යයට කියපු කෙනා පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ එහෙම දෙයක් වුනේ නැහැ කියලා දේශපාලකයින්ට කඩේ ගියා. දැන් රට හදන්න ජනපති වෙන්න හදන්නේ රටේ අන්ධ, ගොළු, බිහිරන් ඉන්නවා කියලා හිතලා වෙන්න ඇති. හැබැයි කණගාටුවට කාරණාව එහෙම කීප දෙනෙක් මිනිහා වටා ඉන්න එක...
මහේෂ්ට කැම්පේන් එක කරන්න සල්ලි දෙන්නේ ඒටී ආරියරත්නගේ පුතා සර්වෝදය හරහා.. මිනිස්සුන්ට බෙදන්න එන්ජීඕ වලින් දීපු සල්ලි වලින් ෆිනෑන්ස් කොම්පැනි කරලා නැතිවුණාම ඒවා වහගන්න දැන් දේශපාලනය කරලා බේරෙන්න හදනවා. ගෝඨා දින්නොත් සර්වෝදයත් ඉවරයි.
ගෞරවනීය මැතිතුමනි, මම මෙවැනි අවස්ථාවක් එළඹෙන තුරු බලාසිටි පුද්ගලයින්ගෙන් එක් අයෙක්... ආරම්භයේ සිටම මේ පිළිබඳව නාගානන්ද මැතිඳුන්ගේ සාකච්ඡා වැඩසටහන් වාර්තා පටිගත කරගෙන සුරක්ෂිතව තබාගෙන ඉන්නවා. හැකි අයුරින් ඒවා ප්‍රදර්ශනය කිරීම මගේ බලාපොරොත්තුවයි. ඔබගේ කැපවීම අපගේ ජයග්‍රහණයයි. ජයවේවා...!!!.
ඔබගේ පක්ෂය ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ බව අපි දන්නවා. නමුත් මේ අවස්ථාවේ අපි "විසෙන් විස නැසීම"ට කටයුතු කළයුතු වෙනවා. කෙසේ වුනත් ඔබගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම අපි අපේක්ෂා කරනවා. රටට විකල්ප වැඩ පිළිවෙලක් නැති බව අපි වටහාගෙන සිටිනවා...
විශ‍්‍රාම ගත්තාට පසු මා තීරණය කළේ වරප‍්‍රසාද ලබාගන්න නෙවෙයි.. ඒත් ඩොලර්වල සුවඳ හමන කොට ඉන්නම බැහැ...
මේ කඩේ යනගමන් ජන්ෂන්වල ඉඳගෙන කියන කතා ජනතාව පිළිගනීද මෙයා?
පොකට් මීටින්ග්. කවදාද ඡන්ද මීටින්ග් තියන්නේ.?
බුදු අම්මෝ මෙදාපාර අපි ඉවරයි. සූ ගාලා සෙනඟ නේද?
සහරාන්ගේ පක්ෂයෙන් ආරාධනා කරන්න ඇති ෂුවර් එකටම... දැන් ඉල්ලන පක්ෂයත් ඊට වැඩි වෙනසක් නැහැ.
සැපපහසු වැඩි තැනක කරපු හමුවක්. දුක දැනිලම නැහැ.
අනේ මහත්තයෝ එක එකාගේ පිල්ලි වෙන්නේ නැතුව තමන්ගේ ගෞරවය තියාගෙන පාඩුවේ ඉන්න.