(ඩයනා උදයංගනී)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඔහු මීට පෙර දිනක මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බවයි.
වෙල්ගම මහතා වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හෙට (4) දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ වැඩබලන ලේකම් රජික කොඩිතුවක්කු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා. දැන් සටනට විසි එකයි...
පැටළිලා. මේක ප්‍රාදේශීය සභා නෙවෙයි ජනාධිපතිවරණය. කඩල කාරයින්ට එහෙම ඉල්ලන්න පුලුවන් එකක් බලාගන්න කියන්න
විනාස කාලේ විපරීත බුද්ධි! කොච්චර හොදට හිටිය මනුස්සයෙක්ද මේ.
ගෝටාගේ ඡන්ද කැඩීමට ඉදිරිපත් වුනු ඔබට සහ හිටපු හමුදා පති තුමාට මගෙන් සුබ පැතුම්. සජිත්ට ජය නියතයි.
වෙල්ගමට පුළුවන් එයාට පෞද්ගලිකව ගන්න පුළුවන් ඡන්ද ගණන දැනගන්න. ෆොන්සේකා මහත්තයට ලැබුනෙත් ඡන්ද 28,000 නේ.
එයාට කැමති කාන්තාවෝ ඡන්දය දේවි නේද? හොඳයි හොඳයි ඔහොම යමු.
කවුරු ඉල්ලුවත් ඡන්චේ දෙන නොදෙන එක තීරණය කළ යුත්තේ අපිනේ.අන්න ඒ තීරණය තමයි රටේ හැරුම් ලක්ෂය වන්නේ.
වෙල්ගම ඉල්ලන් කන්න හදන්නේ එතුමාට තිබුණා පොහොට්ටුවට යන්න. මේ මනුස්සයා කුහක මනුස්සයෙක්. අන්තිමට නිකම්ම විසිවෙලා යයි.
එතකොට මේ මහත්තයා කඩන්න හදන්නේ කාගේ ඡන්දද?
ඉසුරන්දි කිව්වා වගේ අපි කල්පනාවෙන් ඡන්දේ දෙමු. ඔය වගේ කඩාකප්පල් කාරයන් රටේ ඕනෑතරම් ඉන්නවා කියලා තේරුම් ගන්න. ඔය මිනිස්සු කරන වැඩ ගැන පසුව කණගාටු වේවි. ඒකත් ටිකක් සැකයි මොකද මේ ගොල්ලෝ දේශපාලකයෝනේ.. හිතේ හැටියට දඟලන්න ඉඩදෙමු පස්සේ සංග්‍රහ ලැබෙයි.
මෙතුමයි, මිල්රෝයි ප්රනාන්දුයි එක පක්ෂයකින් ඉල්ලුවානම් හරි. දවස් 365ම ඒ ගොල්ලන්ට කාන්තා දිනවෙයි. අනේ වෙල්ගම මහත්තයා, ඔය අර මල්ලිටද, අයියාටද වාහන කම්හල දාගන්න උදව් කරපු නිසා යුඑන්පී එකට කලගුණ සලකන්න යන හැටි වෙන්න ඇති ගෝඨාට යන්න තියෙන ඡන්ද ටිකක් කඩන්න හදන්නේ... රට නෙවෙයි, බඩලොකුයි කියලා සටන් පාඨය හදාගන්න...
ඔබගේ ඡන්දය අපතේ හරින්න එපා! පසුව දුක්වෙන්නත් එපා! අරුනුත් එකයි, මුනුත් එකයි කිය කියා ජීවිතයම විඳවන්නත් එපා! සජිත්ට හෝ ගෝඨා ට හෝ පමණක් ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන්න. NGO නඩවලට අහු වෙන්න එපා! ඩොලර් පිරෙන්නේ ඔබගේ සාක්කු වලට නොවන බව මතක තබාගන්න..
සුදනා කවුද , දුදනා කවුද කියලා හදුනා ගැනීම අපේ මහ ජනතාවට බාරයි. ඉර්ෂියා කාරයෝ පලවා හරිමු.
මිනිස්සු නිකන් අන්දනවා
මධූෂ් කූඩුවේ නොහිටියානම් එයත් ඇප මුදල් බඳී. එයාටත් හොඳ ඡන්ද සංඛ්‍යාවක් ගන්න හැකියාවක් තියෙනවා.
සිංහළ ඡන්ද කඩලා, සිංහළ ජාතියට විනකරන මිනිස්සු.
මොන ආණ්ඩුව ආවත් වෙල්ගමලා පෝසත් වෙනවා. මුලින්ම මහවැලි කොන්ත්‍රාත්, ඊළඟට කුකුලේගඟ කොන්ත්‍රාත්, ඊයේ පෙරේදා අයිඩියල් වාහන කම්හල. අපි හිතුවේ නැහැ මේ වගේ බඩට වැඩකරගන්න ගානට දැනුත් වැටේවි කියලා.
වෙල්ගම කියන්නේ මිනිස්සු එක්ක ජීවත්වෙන මිනිහෙක්. මතුගම පැත්තට ගිහිල්ලා බලන්න.
මෙයාලා මේ පිරිමහන්න හදන්නේ පුද්ගලික කෝන්තර...
ජයවේවා වෙල්ගම මැතිඳුනි, මෙන්න කේසර සිංහයෙක්...
බණ්ඩාරනායක නාමය සමග ඉන්න ප්‍රතිපත්ති ගරුක පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක් තමයි වෙල්ගම කියන්නේ...
වෙල්ගම මැතිඳුට ජයවේවා...!!!
සේන, ඇමෙරිකන් කාරයෙක්ට වඩා දේශීය කඩල කාරයක් හොඳයි. වටිනවා.
මෙන්න කොන්දක් තියෙන එඩිතර සිංහයෝ වගේ අනාගත නායකයෝ .
සරම කමිසේ අදින ,අබුඩේ ගහන, මිනිස්සු එක්ක ප්ලේන්ටිය ගහන, හොරකන් නොකළ ,පරම් පරාවෙන් උතුරන්න සල්ලි තියෙන සිංහ පැටියෙක් වෙල්ගම කියන්නේ
මෙන්න ඇත්ත නියම, හොරකම් නොකරන ,නීතිගරුක ,වෙල්ගම කියන මහා රජෙක් අපේ පින්බිමට පහල වෙන්නයි යන්නේ .
මෙන්න කෙලින් රජෙක්...
කියලා වැඩක් නැහැ. ගණු කඩුව යනු සටනට. නිවට නොවව්. පරදින සැටි මම පෙන්වමි. ඡන්දදායකයනී පොහොට්ටුවට දෙන එක කතිරේ පහරකින් මා පරදවා දමන්න.
"සරම කමිසේ අඳින, මිනිස්සු එක්ක ප්ලේන්ටිය ගහන, හොරකන් නොකළ ,පරම්පරාවෙන් උතුරන්න සල්ලි තියෙන සිංහ පැටියෙක් වෙල්ගම කියන්නේ" ඉතින් ඒක රටේ ජනාධිපති වෙන්න සුදුසු කමක් නොවෙයිනේ ? බිල් ක්ලින්ටන් වගේ උනොත්?