(තරංග ගුණරත්න)
වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට සහන සැලසීම සදහා වැලිගම ප්‍රාදේශීය සභාවේ අරමුදල මගින් ලක්ෂ එකසිය විස්සක මුදලක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ මහතා පවසයි.
පවතින කොරෝනා වයිරසය අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු වැලිගම ප්‍රාදේශීය සභාව වෙත විශේෂ කැඳවීමක් කළ බවත් එහිදී ගත් තීරණයකට අනුව වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු පුරවැසියන්ට සහන සැලසීම සදහා ලක්ෂ එකසිය විස්සක මුදලක් වෙන් කළ බව සභාපතිවරයා පවසා සිටී.
තවද මේ යටතේ නගරයේ පිරිසිදු කම පවත්වා ගැනීම , ජනතාවට සහන මල්ලක් ලබාදිම, ජනතාවට පානීය ජලය ලබාදීම , සහ විශේෂයෙන්ම කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මෙහි දී සිදු කිරීම බලාපොරොත්තු බවද හෙතෙම පැවසී ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 120ක්
ranjith Wednesday, 25 March 2020 12:57 AM
යහපත් ක්‍රියාවක්.
rana Wednesday, 25 March 2020 04:40 AM
පරක්කු වී හෝ අඩු ආදායම් ලබන ජනතාවක් සිටින බව මතක් උනාට මල් මිටක්.