(රංජන් කස්තුරි)
ගුරු - විදුහල්පති සංගම් විසින් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින පහේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගම් සඳහන් කරයි.
ඒ අනුව මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබූ එම වර්ජනය නොපැවැත්වෙන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්රකාශක ජෝසප් ස්ටාලින් මහතා කීය.
ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා විසඳීමට යෝජනා ඇතුළත් කැබිනට් පත්රිකාවක් සම්මත කරගෙන තිබෙන හෙයින් හා ගුරු හා විදුහල්පති සේවයට සාධාරණ වැටුප් කාලයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙන හෙයින් වර්ජනය අත්හිටවූ බවද ස්ටාලින් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නවා දන්නවා අර පහුගිය යුගය ආවොත් අම්බානට කන්න වෙන විත්තිය. එහින්ද පුරුදු වෙන්නත් එක්ක තාවකාලිකව හරි අත්හරින එක හොන්දායි. දැන් කියයි අපි හින්දා තමයි ඒවා හම්බුනේ කියලා. කවුරු මොනා කලත් යුනියන් කාරයින්ට ඕනේ තම ගිණුමට බැර කරගන්නයි. ෂා කීවානම් රුපවාහිනි කැමරාවකුයි තැඹිලි විදුරුවකුයි එවනවානේ.
බුද්ධිමත් තීරණයක්.. මේ වේලාවේ වර්ජනයකට යාම දරුවන්ට ලොකු පාඩුවක්... මේ වසරේ බෝම්බ සිද්ධියත් එක්ක කී දවසක් පාසැල් වැහුවද? තීරණයට අපි ගරු කරනවා. ඒ වගේම රජය කියපු දේ රවට්ටන්නේ නැතිව ඉටුකළ යුතුය. එයාලගේ ඉල්ලීම හරිම සාධාරණයි.
"වර්ජනයේ යෙදෙන දුම්රිය සේවකයන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද (02) තීරණය කර තිබේ." මෙන්න අනිත් අයත් බයවෙලා ...නියමයි.
මේකයි කරන්න තිබ්බේ. දැන් කට්ටියම බයවෙලා. නියමයි ඔහොම යන්….