(රංජන් කස්තුරි)
පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද විදේශ ගතවන්නන්ට තමන්ගේ ගුවන් ටිකට්පත ඉදිරිපත් කර ගුවන්තොටුපළ වෙත යාමට අවසර ලබා ගත හැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩිකර තිබෙන හෙයින් ගුවන් මගීන් පැය 4 කට පෙර ගුවන් තොටුපළට යායුතු බවද ඔහු කීය.
තවද විදේශ ගතවන්නන්ට 116 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද ගිහාන් සෙනෙවිරත්න මහතා කීය.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා යන පුද්ගලයින්ට ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත් පෙන්වා අවශ්‍ය ආයතන දක්වා ගමන් කිරීමට අවසර ලබාගත හැකි බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඩ්‍රයිවර් ආයිත් එන්නේ කොහොමද?