(පාලිත ආරියවංශ)
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන අංශය සංවිධානය කළ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේ දේශ නේතෘ හා දිස්ත්‍රික් කලාකරු සම්මාන ප්‍රදානය හාලිඇල ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී අද ( 27) පැවැත්විණ .
මෙහිදි ජීවිතයට වරක් පමණක් හිමිවන දේශ නේතෘ සම්මානය මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, මහාචාර්ය ජේ.බි. දිසානායක, රංගනශිල්පී ජයලත් මනෝරත්න, ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු සහ මාධ්‍යවේදී කේ.එස්. ශිවකුමාරන් යන අයට හිමිවිය.
දිස්ත්‍රික් කලාකරුවන් පිරිසකටද මෙහිදි සම්මාන ප්‍රදානය කෙරිණි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා සාහිත්‍ය දේශනය පැවැත්වීය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීහු ද ජනතා නියෝජිතවරු පිරිසක්ද මීට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සුදුස්සන්ට ලැබිල තියෙනවා. සතුටුයි.
ඔය සම්මානයක් දෙන්න ඕනේ සාටක පවුලටත්.. මෙච්චර රටේ වංචා, දූෂණ, ඝාතන කරලත් රෙදි ඇඳගෙන ජනතාව ඉදිරියට පැමිණ යලිත් බලය දෙන්න කියා ඉල්ලනවට.