
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
' ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රඥප්තිය සහ ජාතික ප්‍රතිපත්තිය ' සඳහා 2006 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
වෙනස් වන ලෝක ප්‍රවණතාවන්ට අනුව ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන විය යුතු බව හඳුනා ගනු ලැබ තිබේ. එමෙන්ම, 2052 වර්ෂය වන විට අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනය 24.8% ක් දක්වා වන අගයකට ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති බැවින්, වැඩිහිටි ජනගහනයේ සුබසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ද හඳුනාගෙන ඇත.
ඒ අනුව, රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන 'ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් -අර්ථවත් විශ්‍රාම දිවියක් තේමාව අනුව යමින් වැඩිහිටියන්ට සමාජීය, ආර්ථීකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා පහසුකම් සැපයීමට හැකි වන පදි " ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ' සකස් කරනු ලැබ තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එකී ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද වැඩිහිටි සමිති කියන්නේ... ඒවායෙන් වැඩිහිටි හැදුනුම්පත දෙනවාලු වයස කීයකට පස්සෙද වැඩිහිටියෝ වෙන්නේ. රජයේ විශ්‍රාමිකයින්ට ඒ අයිතිවාසිකමක් නැද්ද? කාලෙකට පෙර සමාජසේවා නිළධාරින්ට කිව්වා වසමේ වැඩිහිටි සමිතියේ ඉන්නවා කියපු කෙනෙකුටත් කිව්වා ඒත් වගතුවක් නැතිනිසා ඇහුවේ දන්නා කෙනෙක් පැහැදිලි කරනවා නම් හොදයි. එක් එක්කෙනාගේ ළගට යන්න කියන්න එපා.. යම්කිසි වයසකදී ඒවාට සම්බන්ධ වෙන්න පුලුවන් ආකාරයට සම්බන්ධීකරණයක් කරන්න...