සිතුම් චතුරංග
පාස්කු ඉරිදා දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය සාධාරණ බවට පවසමින් සමාජ ජාලා වෙත වීඩියෝවක් මුදාහළ වවුනියාව හා සෙට්ටිකුලම ප‍්‍රදේශයේ දේවස්ථානයක මවුලවිවරයකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
රටේ කොටස් ඉල්ලා ඉස්ලාමීය ජනකොටස් යුද්ධ කළේ නොමැති බවත් දැන් ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති හෙයින් අරගල කර ඉස්ලාම් අයිතීන් දිනාගත යුතු බවද මවුලවිවරයා අදාළ වීඩියෝවේ ප‍්‍රකාශ කර තිබේ.
අදාල වීඩියෝව සම්බන්ධයෙන් විවිධ පාර්ශව රැසක් පොලිසිය වෙත හා ආරක්ෂක අංශ වෙත කළ පැමිණිලි අනුව වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික් බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතා විසින් පරීක්ෂණ සිදුකිරීම වවුනියාව හා සෙට්ටිකුලම පොලිසිය වෙත පවරා ඇත.
මෙලෙස අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත්තේ වවුනියාව සෙට්ටිකුලම පදිංචි එෆ්.නවූමාන් නැමති මවුලවිවරයකි.
ප‍්‍රහාරය සාධාරණය කර සහ ඉස්ලාමීය ජනතාව අරගල කළ යුතු බවට මිනිත්තු අටක වීඩියෝවක් මවුලවිවරයා විසින් සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.
සැකකාර මවුලවිවරයා මේ වන විට ප‍්‍රදේශයේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය සහ සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරලා මොනවද දන්නේ නැහැ ඉල්ලන්නේ?????
දෙමු මේ අයගේ ඉල්ලීම ඉක්මනට...... සුද්ද කරලම දාන්න හොඳයි වගේ්........
රට ගැන හිතන්න